Thursday, February 8, 2018

සත්ත්ව පටක - 11 ශ්‍රේණිය

පෘෂ්ඨ වංශිකයින්ගේ දේහවල ප්‍රධාන පටක වර්ග හතරක් හමුවේ.

1)අපිච්ඡද පටක 

පෘෂ්ඨවංශීන්ගේ සියලුම පෘෂ්ඨ ආවරණය කරමින් පිහිටන අතර අවශෝෂණය, ශ්‍රාවීය කෘත්‍ය, පෙරීම, උත්තේජ ප්‍රතිග්‍රහණය මෙන්ම ආරක්ෂක කාර්යයද ඉෂ්ට කරයි.

2)සම්බන්ධක පටක

සෛල වර්ග කීපයකින්, තන්තු වලින් හා විශාල පූරකයකින් සමන්විත සම්බන්ධක පටක මගින් අවයව හා පටක එකිනෙක් බැඳ තබා ගන්නා අතර ඒවාට සන්ධාරණය සපයයි

3)පේශි පටක

චලන සිදු කිරීම්ට දායක වන පටකයයි. සිනිඳු පේශි, කංකාල පේශි සහ කංකාල පේශි යන පේශි පටක වර්ග තුනක් මිනිස් දේහය තුළ පවතී. ඒවායේ සිදුවන සංකෝචනය සහ ඉහිල්වීම මගින් දේහයේ විවිධ චලන ඇති කරයි.

4)ස්නායු පටකය 
ආවේග සම්ප්‍රේෂණය ස්නායු පටකය මගින් සිදුකරන අතර ප්‍රධාන ස්නායු සෛල හෙවත් නියුරෝන වර්ග තුනක් පවතී. ඒවා නම්

  1.  සංවේදක නියුරෝන
  2.  චාලක නියුරෝන.
  3. අන්තර්හාර නියුරෝන  

Saturday, January 20, 2018

ශාක කොටස් වල විවිධත්වය සහ කෘත්‍ය - 8 ශ්‍රේණිය


මෙම පරිච්ඡේදයේදී ශාකයක මුල, කඳ සහ පත්‍ර වල විවිධත්වය සහ කෘත්‍ය පිළිබඳව විමසා බලමු.

ශාක මුල් වල කෘත්‍ය 

ප්‍රධාන කෘත්‍ය :-

  • ශාකය පසට සවි කිරීම.
  • පසෙන් ජලය සහ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම (උරා ගැනීම)

වෙනත් කෘත්‍ය :-

  • ආහාර සංචිත කිරීම.
  • අතු වලට ආධාරක ලෙස ක්‍රියා කිරීම.
  • කඳට ආධාරක ලෙස ක්‍රියා කිරීම.
  • ආරෝහක කඳන් ආධාරකයට සවි කිරීම.
  • වායු ගෝලයෙන් ජලවාෂ්ප අවශෝෂණය කිරීම.
  • වායුගෝලයෙන් වාතය අවශෝෂණය කිරීම.
  • වර්ධක ප්‍රජනනය සිදු කිරීම.

වෙනත් කෘත්‍ය සඳහා අනුවර්තනය වූ මුල් වර්ග 


  

Tuesday, December 26, 2017

ශාක වල විවිධත්වය - 7 ශ්‍රේණිය

සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක 

පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙසත් පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙසත් හඳුන්වයි.

සපුෂ්ප ශාකයක කොටස් 


මූල පද්ධති වර්ග දෙකකි. එනම් ;

1. මුදුන් මූල පද්ධති
2. තන්තු මූල පද්ධති 

මුල් වල වැදගත්කම 

1. ශාකයා පසට(උපස්ථරයට) සවි කිරීම.
2. පසෙන් ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම.
3. වර්ධක ප්‍රජනනය සිදු කිරීම.


විවිධ කාර්යයන් සඳහා අනුවර්තනය වී ඇති මුල් වර්ග 

1. කරු මුල්

  • අතු වලින් ආරම්භ වී පොළොව දක්වා වර්ධනය වන ආගන්තුක      මුල් වර්ගයකි.
  • නුඟ, මහ කඩොල් වැනි ශාක වල දක්නට ඇත.
  • අතු වලට අමතර ආධාරකයක් ලෙස වැදගත් වේ. 


2. කයිරු මුල් 

  • කඳෙන් ආරම්භ වී පොළොව දක්වා වර්ධනය වන ආගන්තුක මුල් විශේෂයකි.
  • රම්පේ, වැටකෙයියා වැනි ශාක වල දක්නට ලැබේ.
  • කඳට අමතර ආධාරකයක් ලෙස ක්‍රියා කරයි.




3. වායුධර මුල් (ශ්වසන මුල්)
  • පොළොවෙන් හෝ වගුරු ජලයෙන් ඉහලට මතු වූ සවිවර මුල් වර්ගයකි.
  • කිරල , කඩොල් වැනි ශාක වල දක්නට ලැබේ.
  • මුල් වලට අවශ්‍ය ශ්වසන වායු, වායුගෝලය සමග හුවමාරු කිරීමට වැදගත් වේ.

4. වායව මුල් (ලම්බක මුල්)

  • පොළොවට සම්බන්ධ නැති සුදු පැහයට හුරු අළු පැහැති මුල් විශේෂයකි.
  • ඕකිඩ් (උඩ වැඩියා) ශාක වල දක්නට ලැබේ.
  • වයූගෝලයෙන් ජල වාෂ්ප අවශෝෂණය සඳහා වැදගත් වේ.


5. ආලග්න මුල් 
  • කඳේ ගැට අසලින් සමූහ වශයෙන් හට ගන්නා මුල් විශේෂයකි.
  • ගම්මිරිස්, බුලත්, පෝටා වැනි ශාක වල දක්නට ලැබේ.
  • කඳට ඉහල නැගීම සඳහා අධාරකයකට සවි වීමට වැදගත් වේ.



6. සංචිත මුල් 

  • ආහාර තැම්පත් කිරීම නිසා ප්‍රමාණයෙන් විශාල වූ මුල් වර්ගයකි.
  • කැරට්, බීට්, රාබු, බතල, හාතාවාරිය වැනි ශාක වල දක්නට ලැබේ.
  • ආහාරසංචිත කිරීම සඳහා වැදගත් වේ.


7. මූල ගැටිති සහිත මුල් 
  • මෑ, බෝංචි, දඹල වැනි රනිල කුළයේ ශාක වලත් නිදිකුම්බා ශාකයේත් දක්නට ලබෙන විශේෂිත මුල් වර්ගයකි.
  • මූල ගැටිති තුළ වාසය කරන Rhyzobium නම් බැක්ටීරියාව විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් වායුව, ශාකයට උරාගත හැකි ලවණ බවට පත් කිරීම නිසා පස සාරවත් වීම සිදු වේ.











ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම - 8 ශ්‍රේණිය

ක්ෂුද්‍ර ජීවීන් යනු  තනිව ගත් කළ පියවි ඇසට පැහැදිළිව නොපෙනෙන තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති ජීවී කාන්ඩයකි.

විවිධ ක්ෂුද්‍ර ජීවීන් වර්ග 
1. බැක්ටීරියා
2. දිලීර
3. ප්‍රොටෝසෝවා
4. ඇල්ගී
5. වෛරස


ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර 


සියළුම පරිසර වල ජීවත් වේ. එනම්, වාතයේ, ජලයේ, ගොඩබිම මෙන්ම ජීවීන්ගේ දේහ තුළ ද ජීවත් වේ.
වෙනත් ජීවීන්ට ජීවත් විය නොහැකි ආන්තික පරිසර වලද වාසය කරයි.
උද:- උණුදිය උල්පත්, අයිස් කඳු(ග්ලැසියර්), ලවණ වගුරු, කාන්තාර, ගැඹුරු සාගර පත්ල.....



ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්
1. ආහාර මත වර්ධනය වී ආහාර නරක් කිරීම.
2. සතුන්ට සහ ශාක වලට ලෙඩ රෝග සෑදීම.
3. අජීවී ද්‍රව්‍ය මත වර්ධනය වී ආර්ථික හානි සිදු කිරීම.

ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් 
1. විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීම.
      උදා:- මුදවාපු කිරි, යෝගට්, චීස්, බේකරි නිෂ්පාදන, මධ්‍යසාර, විනාකිරි, කොහු, කොම්පෝස්ට්, ජීව වායුව, ප්‍රතිජීවක නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ එන්නත්
2. ආහාරයක් ලෙස යොදා ගැනීම.
      උදා:- හතු (බිම්මල්)
3. ක්ෂුද්‍ර ජීවී හායනය මගින් මිය ගිය ශාක සහ සත්ත්ව ද්‍රව්‍ය වියෝජනය කිරීම.
4. පළිබෝධකයන් මර්ධනය සඳහා ජෛව පළිබෝධනාශකයක් ලෙස.

ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයට අවශ්‍ය සාධක 
1) තෙතමනය (ජලය)
2) උපස්තරය (පෝෂක)
3) ප්‍රශස්ථ උෂ්ණත්වය (සෙල්සියස් අංශක 25 - 30)
4) සුදුසු pH අගය

ඉහත සාධක අතරින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බලපාන ප්‍රධානම සාධක දෙකක් ඇත. එනම්, තෙතමනය සහ උෂ්ණත්වයයි.

ජෛව ලෝකයේ අසිරිය - 6 ශ්‍රේණිය

පරිසරය 
අප අවට ඇති වටපිටාව හැඳින්වීමට පරිසරය යන වචනය භාවිතා කරයි. පරිසරයේ අඩංගු දේ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා දක්වයි. එනම්;
          1. ජීවීන්
          2. අජීවීන්

පණ ඇති දේ ජීවීන් ලෙසත් පණ නැති දේ අජීවීන් ලෙසත් සරළව හඳුන්වයි.



ජීවීන් ප්‍රධාන ආකාර 3 කි.
1. ශාක 
2. සතුන් 
3. ක්ෂුද්‍ර ජීවීන් 

 ජීවීන්ට පමණක් අවේණික ලක්ෂණ
  • වර්ධනය 
  • පෝෂණය 
  • චලනය 
  • ශ්වසනය 
  • ප්‍රජනනය














සත්ත්ව පටක - 11 ශ්‍රේණිය

පෘෂ්ඨ වංශිකයින්ගේ දේහවල ප්‍රධාන පටක වර්ග හතරක් හමුවේ. 1)අපිච්ඡද පටක   පෘෂ්ඨවංශීන්ගේ සියලුම පෘෂ්ඨ ආවරණය කරමින් පිහිටන අතර අවශෝෂණය, ශ්‍...