සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක
පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙසත් පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙසත් හඳුන්වයි.
සපුෂ්ප ශාකයක කොටස්
මූල පද්ධති වර්ග දෙකකි. එනම් ;
1. මුදුන් මූල පද්ධති
2. තන්තු මූල පද්ධති
මුල් වල වැදගත්කම
1. ශාකයා පසට(උපස්ථරයට) සවි කිරීම.
2. පසෙන් ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම.
3. වර්ධක ප්‍රජනනය සිදු කිරීම.
විවිධ කාර්යයන් සඳහා අනුවර්තනය වී ඇති මුල් වර්ග
1. කරු මුල්
- අතු වලින් ආරම්භ වී පොළොව දක්වා වර්ධනය වන ආගන්තුක මුල් වර්ගයකි.
- නුඟ, මහ කඩොල් වැනි ශාක වල දක්නට ඇත.
- අතු වලට අමතර ආධාරකයක් ලෙස වැදගත් වේ.
2. කයිරු මුල්
- රම්පේ, වැටකෙයියා වැනි ශාක වල දක්නට ලැබේ.
- කඳට අමතර ආධාරකයක් ලෙස ක්‍රියා කරයි.
- පොළොවෙන් හෝ වගුරු ජලයෙන් ඉහලට මතු වූ සවිවර මුල් වර්ගයකි.
- කිරල , කඩොල් වැනි ශාක වල දක්නට ලැබේ.
- මුල් වලට අවශ්‍ය ශ්වසන වායු, වායුගෝලය සමග හුවමාරු කිරීමට වැදගත් වේ.
5. ආලග්න මුල්
- කඳේ ගැට අසලින් සමූහ වශයෙන් හට ගන්නා මුල් විශේෂයකි.
- ගම්මිරිස්, බුලත්, පෝටා වැනි ශාක වල දක්නට ලැබේ.
- කඳට ඉහල නැගීම සඳහා අධාරකයකට සවි වීමට වැදගත් වේ.
- ආහාර තැම්පත් කිරීම නිසා ප්‍රමාණයෙන් විශාල වූ මුල් වර්ගයකි.
- කැරට්, බීට්, රාබු, බතල, හාතාවාරිය වැනි ශාක වල දක්නට ලැබේ.
- ආහාරසංචිත කිරීම සඳහා වැදගත් වේ.
- මෑ, බෝංචි, දඹල වැනි රනිල කුළයේ ශාක වලත් නිදිකුම්බා ශාකයේත් දක්නට ලබෙන විශේෂිත මුල් වර්ගයකි.
- මූල ගැටිති තුළ වාසය කරන Rhyzobium නම් බැක්ටීරියාව විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් වායුව, ශාකයට උරාගත හැකි ලවණ බවට පත් කිරීම නිසා පස සාරවත් වීම සිදු වේ.